සහන මිලට අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා ජනතාවට ලබා දීමේ අරමුණින්, මඩකලපුව, කොක්කඩිචෝලේ නගරයේ දී ලංකා සතොස අලෙවි සැළක් විවෘත කිරීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (10) දී සිදුවිණි.

මෙය ලංකා සතොස අලෙවිසැල් ජාලයේ 378 වැනි ශාකාවයි. ලංකා සතොස විවෘත කිරීමෙන් පසු ශාකාව නිරීක්ෂණය කළ රිෂාඞ් බදියුදීන් මැතිතුමා, පළමු පාරිභෝගිකයා ලෙස භාණ්ඩ තොගයක් මිල දී ගත්තේය.

මේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගනේෂ මුර්ති, යන මහත්වරුන් ලංකා සතොස ආයතනයේ ඉහළ නිලධාරීන්, ප්‍රාදේශීය දේශපාලනඥයින්, සහ මහජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *