ලංකා මිනරල් සෑන්ඩ් සමාගමට වසර හැටක් පිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු සේවක ඇගයීම් උපහාර උළෙලක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මැතිතුමා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් 01 වැනිදා පැවැත්විණි.

එම ආයතනයේ සේවය කළ සේවක මහත්ම මහත්මීන්ට විශේෂ තිළිණ සහ ඇගයුම් සහතික පිරිනැමිණි.

එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල්ලා මහරුෆ්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ඉන්දිකා රණතුංග, මිනරල් සෑන්ඩ් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රුෂ්ඩි හඹීබ්, යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *