අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා ධූත පිරිසක් ඉරානයේ දෙදින නිල සංචාරයක නිරතව සිටිති.

දීර්ඝ කාලයක සිට දෙරට අතර පවතින ආර්ථික හා වෙළඳ සබදතා නව මාර්ග ඔස්සේ ඉදිරියට ගෙනයාම පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉරාන ජනාධිපති හසන් රවුහානි යන මහත්වරු දෙපළ විසින් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.

ඛණිජ තෙල්, තේ සහ සංචාරක ක්ෂේත්‍රවල දැනට පවතින සබදතා වර්ධනය කර ගැනීම පිළිබඳ ව ද සාකච්ඡා කෙරෙණි. එහිදී ශ්‍රී ලංකාව සහ ඉරානය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් 5කට අත්සන් තැබිණි.

දෙරට අතර ආර්ථික සහ වෙළෙඳ සබඳතා වැඩි දියුණු කර ගැනීමට අදාළ ව පැවති සාකච්ඡා සාර්ථක බවත්, එරට වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකා නිෂ්පාදන සඳහා වැඩි ඉඩක් ලබා ගැනීම පිළිබඳව ද සාකච්ඡා කෙරෙණු බව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකා දූත පිරිස නිල සංචාරය නිමවා 14 වැනිදා යළි මෙරටට පැමිණීමට නියමිතයි.

 

ඡායාරූප : ජනාධිපති මාධ්‍ය ඒකකය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *