‘‘උතුරට පිවිසුමක්‘‘ මැයෙන් සංවිධානය කළ, යාපනය ජාත්‍යන්තර වෙළෙඳ ප්‍රදර්ශනය, විවෘත කිරීම කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) නගර සභා ක්‍රීඩාංගණයේදී සිදුකෙරෙණි. 27 වැනිදා සිට 29 වැනිදා දක්වා පෙ.ව. 10 සිට ප.ව. 03 දක්වා ප්‍රදර්ශනය පැවැත්වේ.
ප්‍රදේශීය ව්‍යවසායන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා ලබා දීම හා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර, වෙළෙඳ සබඳතා තර කර ගැනීම මෙහි අරමුණු අතර වේ. මෙම අවස්ථාවට, යාපනය ඉන්දියානු කොන්සල් ජනරාල් කාර්යාලයේ කොන්සල් ජනරල් ශ්‍රී.ඒ. නටරාජන්, යාපනය වාණිජ මණ්ඩලයේ සභාපති කේ. විග්නේෂ්, යාපනය අන්තර්ජාතික වෙළෙඳ ප්‍රදර්ශනයේ සභාපති කෝසල වික්‍රමනායක, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ලේකම් ෂිහාම් මරික්කාර් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.