එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ එරික් ෆොල්ට් මැතිතුමා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර සාකච්ඡාවක් කොළඹ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේදී පසුගිය දා පැවැත්විණ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘති කටයුතු පිළිබඳව ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලි ඇතුළු රටවල්වල අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන ෆෝල්ට් මහතා ශ්‍රී ලංකාවේ අධ්‍යාපන, විද්‍යාත්මක සහ සංස්කෘතික අංශවල සංවර්ධනය සඳහා අවශ්‍ය උදව් ලබා දෙන බවද එතුමා කීවේය.

මෙම අවස්ථාවට ජාතික ශිල්ප සභාවේ සභාපති හේෂානි බෝගොල්ලාගම මහත්මිය ඇතුළු පිරිසක් සහ යුනෙස්කෝ සංවිධනයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *