කුරුණෑගල, තෝරකොටුව අල් ඉල්මා පෙර පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 26 වැනිදා සිදු කෙරිණ.

මෙම අවස්ථාවට කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන මැතිතුමා, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පඩුවස්නුවර ආසන සංවිධායක එම්. රියාද්, පෙර පාසල් දරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *