????????????????????????????????????

ජල ගැලීමෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ සහ ක්‍ෂුද්‍ර කර්මාන්ත 264 ක් විනාශ වී ඇති බවත්, දහසකට පමණ රැකියා අහිමිව ඇති බවත් අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ ද කීවේය. ජල ගැලීමෙන් හානියට පත් රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල සුළු හා මධ්‍ය පරිමාණ සහ ක්‍ෂුද්‍ර කර්මාන්ත පිළිබඳව සමීක්ෂණයක් කරන ලෙස කාර්මික සංවර්ධන මණ්ඩලයට සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ට උපදෙස් දී තිබෙනවා.

ජල ගැලීමෙන් රත්නපුර මැතිවරණ කොට්ඨාශයේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත 264ක් විනාශ වෙලා තියෙනවා. එම කර්මාන්තවල තිබූ මිලියන 78කට අධික වටිනාකමක් සහිත යන්ත්‍රෝපකරණ විනාශ වෙලා තියෙනවා. ගොඩනැගිලිවලට සිදුවී ඇති හානිය මිලියන 54කට අධිකයි. දහසකට පමණ රැකියා අහිමි වෙලා තියෙනවා. එම ව්‍යාපාර නැවත ගොඩනැගීම සඳහා රුපියල් මිලියන 162ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තු කර තියෙනවා. හානියට පත් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත යළි නගා සිටුවීමට අවශ්‍ය සියළු සහාය දීමට තම අමාත්‍යාංශය කටයුතු කරනවා යැයි ද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *