තායිලන්තයෙන් සීනි මිලදී ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අවධානය යොමු වී ඇත. තායිලත්යේ සංචාරය කළ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයදීන් මහතා තායිලන්තයේ වාණිජ කටයුතු අමාත්‍ය අපිරාඩි ටැන්ට්‍රෙපාන් හමුවූ අවස්ථාවේ දී මේ සම්බන්ධ සාකච්ඡා පැවැත්විණි.

මෙම සංචාරයේ දී ප්‍රධාන පෙලේ සීනි අපනයන සමාගම් නිෂ්පාදකයන් හා තායිලන්තයේ පාරිභෝගික භාණ්ඩ අපනයනකරුවන් හමුවීමට ද අමාත්‍යවරයා කටයුතු කළේය.

සීනි බහාලුම් සමග මෙරටට කොකේන් ප්‍රවාහනය කිරීම හේතුවෙන් බ්‍රසීලයේ සිට සීනි ආනයනය කිරීම ශ්‍රී ලංකාව විසින් නවතා දමා ඇති බව ද අමාත්‍යවරයා එහිදී කියා සිටියේය. ඒ අනුව තායිලන්තයෙන් සීනි ආනයනය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම ඇමතිවරයාගේ සාකච්ඡාවේ අරමුණු විය.

එමෙන් ම තායිලන්තයේ ක්‍රියාත්මක වන ‘‘එක් ගමක් සඳහා එක් නිෂ්පාදනයක්“ නමැති ග්‍රාමීය සංවර්ධන වැඩසටහන නිරීක්ෂණය කළේය. එහි දී පළතුරු යුෂ නිෂ්පාදනය ආදී නිෂ්පාදන රැසක් නිරීක්ෂණය කැරිණි.

තායිලන්තයේ වාණිජ කටයුතු අමාත්‍ය අපිරාඩි ටැන්ට්‍රෙපාන් හමුවූ අවස්ථාවේ දී මෙරට මැණික් හා ස්වර්ණාභරණ, ආහාර සැකසුම්, කෘෂිකාර්මික, ඉලෙක්ට්‍රොනික, වාහන නිෂ්පාදනය හා සංචාරක කර්මාන්තය සඳහා තාක්ෂණික සහය ලබාදීම පිළිබඳ සාකච්ඡා කැරිණි. එමෙන් ම ලොව ඉස්තරම් තේ නිෂ්පාදනය කරන ශ්‍රී ලංකාවේ තේ කෝටා ක්‍රමයකට තායිලන්තයට ආනයනය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කැරිණි.

17TH1A-672x372

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *