තිබෙන පහසුකම්වලින් ජාත්‍යන්තරය ජයගැනීමේ හැකියාව ඔබට ලැබී තියෙනවා යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයීය උසස් පෙළ දියණියන් සංවිධානය කළ වාණිජ දින සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

අමාත්‍යවරයා මෙසේ ද කීවේය.ලබන වර්ෂයේ දී උසස් පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුවන දැරියන් විසින් සංවිධානය කරන වාණිජ දිනයේ මෙවර තේමාව ගෝලීය කරණයයි. මෙය ඉතාමත් කාලෝචිත තේමාවක් ලෙස හැඳින්විය හැකියි. කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස ගෝලීයකරණය ලෝකයේ ආර්ථිකය හැසිරෙන ආකාරය පිළිබඳව මට අත්දැකීම් තිබෙනවා. නූතන ජාත්‍යන්තර වෙළෙඳාමේ දී ගෝලීයකරණය ඉතාම වැදගත් සාධකයක්. ගෝලීයකරණයේ ප්‍රතිඵල අපසැම අද භුක්ති විඳිමින් සිටිනවා. නුදුරු අනාගතයේ දී මීටත් වඩා අප සියලු දෙනාම ගෝලීයකරණය විසින් නතු කර ගන්නා බව පැහැදිලියි. ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස ජර්මනියේ බීඑම්ඩබ් ඇමරිකා එක්සත් ජනපදයේ කොකාකෝලා චීනයේ හුවායි වැනි ජාත්‍යන්තර වෙළෙඳ සන්නාම අපට භාවිතා කිරීමට හැකිවී තියෙනවා. එසේම ලංකාවේ ඩිල්මා, දම්රෝ ගෘහ භාණ්ඩ, මාස්, බ්‍රැන්ඩික්ස් වැනි ඇඟළුම් ලෝකය පුරා ප්‍රචලිත වීමට අවස්ථාව උදාවී තියෙන්නේ මේ ගෝලීයකරණ සංකල්ප නිසා.
මේ අනුව ගුණාත්මක භාවයෙන් ඉහළ භාණ්ඩ හා සේවා සඳහා ඉ

තා ඉහළ ඉල්ලුමක් සහ වෙළෙඳපොළක් මෙම ගෝලීයකරණ සංකල්පය නිසා උදාවී තියෙනවා. පාසල් දරුවන්ගෙන් මා ඉල්ලා සිටින්නේ අනාගතයේදී ඔබට ඉතා හොඳ අවස්ථා රැසක් උදාවී ඇති බැවින් ඒවායෙන් උපරීම ප්‍රයෝජන ලබා ගන්නා ලෙසයි. ජාත්‍යන්තරය ජය ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. අද දින මේ ශාලාවේ අසුන්ගෙන සිටින ඔබට අනාගතයේ දී ලොව ප්‍රසිද්ධ ආයතනවල ඉහළ පෙළේ තනතුරුවල වැජඹෙන්නට හැකිවේවි.

එබැවින් ඔබ මේ පාසලින් ලබා ගන්නා අධ්‍යාපනය, දැනුම, පහසුකම් වලින් උපරීම ප්‍රයෝජන ගෙන හෙට දිනයේ ඔබ පාසල බබලවන වැඩදායී පුරවැසියෙකුවීමට ලැබේවායී මා ප්‍රාර්ථනා කරනවා යැයි කීවේය. මෙම අවස්ථාවට විද්‍යාලයීය දරු දැරියන්, පාසල් සිසුන් දෙමාපියන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *