නව ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට අවශ්‍ය මූල්‍යාධාර පිරිනැමීමේ උත්සවයක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොල්ලුපිටිය කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී 25 වැනිදා පැවැත්විණි.
 
ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය, විසින් සංවිධානය කෙරෙැණු මෙම වැඩසහනේ දී විශ්වවිද්‍යාල උපාධිධාරීන් 32 දෙදෙනකු සඳහා මුදල් ප්‍රධානය කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙණි. එහිදී එක් සිසුවෙකුට රුපියල් එක් ලක්ෂ පනස් වටිනා මූල්‍යාධාර සහ උපකරණ පිරිනැමිණ.
 
මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ උපදේශක රෝයි ජයසිංහ, ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති ඕමාර් කාමිල්, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තාජුඩීන් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *