ජාතික ශිල්ප සභාව මගින් සංවිධානය කළ ශිල්පාභිමානී ජනාධිපති සම්මාන උළෙල අද (01) පොල්ගොල්ල සමූපකාර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මාන උළෙලේ දී රට පුරා සිටින හස්ත කර්මාන් ශිල්පීන් ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන ප්‍රධානයන් කරන ලදී.

මේ අවස්ථාවේ දී අදහස් දැක්වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයිදීන් මහතා මෙසේ කීවේය.

ඉතා සාඩම්බර අතීතයට හිමිකම් කියන අප ශ්‍රී ලංකාවේ නිෂ්පාදන හා හෙළ කලා කරුවාගේ නිර්මාණ අතීයේ පටන් අද දක්වා ම ලොව පුරා හොඳ නමක් දිනාගෙන තිබෙනවා.

අතීත රජ කාලයේ සිට විවිධ නිර්මාණකරුවන් ශිල්පීන් දිරිමත් කිරීමට අනුග්‍රහය දැක්වූ බව අපි අසා තිබෙනවා. පැරණි කලාකරුවන් වෙනුවෙන් පුද කරන ලද ගම්වර හා නම්බු නාම වලින් ඒ බව පැහැදිලියි. ඒ වගේ අතීතකට හිමිකම් කියූ මෙරට හස්ත කර්මාන්ත කරුවන් නිර්මාණ කරුවන්ට සම්මාන ප්‍රධානය කරමින් ඔවුන් ඇගයීමට ලැබීම ගැන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයා ලෙස මම මහත් සතුටට පත්වනවා.

අතීතයෙන් අපට උරුම වූ දායාදයන් අතර මෙවැනි නිර්මාණ ඉතා වැදගත් වනවා.. එවැනි කලාකරුවන් නිෂ්පාදකයන් හා ශිල්පීන් දිරිමත් කිරීමත්, ඔවුන්ට අවශ්‍ය පහසුකම් සහ ශිල්පීය දැනුම ලබා දීමත් ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කරමින් අනාගතය සඳහා මේ ශිල්ප ආරක්ෂා කිරීම රජයේ වගකීමක්. අප දන්නවා දැනට ශ්‍රී ලංකාවේ හස්ත කර්මාන්ත ශිල්පීන් 24,000ක් පමණ ජාතික ශිල්ප සභාවේ ලියාපදිංචිය ලබා තිබෙනවා.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමනි. ඔබතුමාත් ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් නිතරම මේවගේ දේශීය දේවල් ආරක්ෂා කරමින් මේ රටේ ආර්ථිකය සංවර්ධනය කරන්න එය දායක කරගන්නේ කුමන ආකාරයෙන් ද කියා අපට උපදෙස් හා මග පෙන්වීම ලබා දෙනවා. අද තමි මෙරට මුල්ම වතාවට හෙළ කලාකරුවන් සඳහා ජනාධිපති සම්මාන පිරිනැමීමක් සිදුකරන්නේ. රටක නායකයාගේ සම්මානය ලැබීම සාමාන්‍ය සම්මානයකට වඩා ඉතා වැදගත්වනවා වගේම එය ඔවුන්ගේ අභිමානයටත් හේතුවක් වනවා. මේ සඳහා අවස්ථාව ලබාදීම ගැන මා අතිගරු ජනාධිපතිතුමාට නැවත වතාවක් ස්තූති කළ යුතුයි.

කලා කරුවන් දිරිමත් කිරීමට සහ දේශීය කර්මාන්ත වර්ධනය කිරීමට අප ගන්නා උත්සාහයේ මෙය එක් අවස්ථාවක් පමණයි. අපි ජාතික ශිල්ප සභාවේ දිස්ත්‍රික් මට්ටමින් කාර්යාලය පිහිටුවීමත් සමග කලා කරුවන්ට හැමදේටම කොළඹට පැමිණීමෙන් විඳින්නට වූ කරදරය අවසන් කරන්නට අපට දැන් හැකියාව ලැබී තිබෙනවා. ඒ වගේ ම සෘජුවම ජාත්‍යන්තර වෙළෙඳ පොළ සමග සම්බන්ධතා පවත්වන්නත් භූටානය, බංග්ලාදේශය වැනි රටවල හස්ත කර්මාන්ත අධ්‍යයනය කරමින් දැනුම තාක්ෂණය හුවමාරු කරගන්නත් අපි අවස්ථාව ලබා දී තබෙනවා.

හම්බන්තොට හස්ත කර්මාන්ත අළෙවි ගම්මානයක් බිහිකරන්නට කටයුතු කර තිබෙනවා. එහි ඉදිකිරීම් සඳහා සහය දක්වන ඉන්දීය රජයටත් අප ස්තූති කළ යුතුයි. එහි වැඩකටයුතු මේ වසරේ ජූලි මාසයේ දී ආරම්භ කරන අතර එලෙස ඉදිකරන දෙවැනි හස්ත කර්මාන්ත ගම්මානය යාපනයේ ඉදිකරන්න සැළසුම් කර තිබෙනවා.

මගේ අමාත්‍යාංශයත්, ජාතික ශිල්ප සභාවත් සෘජුවම රටේ සංචාරක කර්මාන්තයට මේ ක්ෂේත්‍රෙය් දායකත්වය ලබා දීමට නිතරම කටයුතු කරනවා. අපි ඒ සඳහා සීගිරිය හස්ත කර්මාන්ත ගම්මානය වැඩිදියුණු කිරීම සඳහා රුපියල් ලක්ෂ 250ක් වෙන් කර තිබෙනවා.

රටේ පාරම්පරික කර්මාන්ත කියන්නේ ආර්ථික ක්‍රියාවලිය මහත් දායකත්වයක් ලබාගත හැකි ක්ෂේත්‍රයක් බව අප හොඳින්ම දන්නවා. ඒ නිසා නූතන ලෝකයේ වෙළෙඳ පොළට ගැලපෙන ආකාරයෙන් පැරණි නිර්මාණ නවතාවයකින් යුතුව ඉදිරිපත් කිරීම අවශ්‍ය වෙනවා. දැන් ලෝකයේ තාක්ෂණය වේගයෙන් වෙනස් වෙලා. අපේ නිර්මාණ කරුවන්ගේ හැකියාවට මේ අලුත් තාක්ෂණය එක් කළ යුතුයි. අපි මේ නව තාක්ෂණය හඳුන්වාදීමට දැනටමත් කටයුතු කරමින් සිටිනවා. නව තාක්ෂණයේ දී තීඩී ප්‍රින්ටින් ඉතා ඉක්මණින් ලෝකයේ ජනප්‍රිය වෙමින් තිබෙනවා. මෙය ශිල්පීන්ට අභියෝගයක්. ඒ අභියෝගය අපි ජයගත යුතුයි. ඒ සඳහා රජයක් ලෙස අවශ්‍ය සහයෝගය ලබාදෙන්න අපි සූදානම්ව සිටින බව මා මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. ඔබ විසින් ඉදිරිපත් කරන නිර්මාණවලින් පෙනෙනවා ඔබ සියලු දෙනාට ලෝකයේ භාවිතා කරන නව තාක්ෂණයට ගැලපෙන ආකාරයෙන් නව නිර්මාණ බිහිකරන්න හැකියාව ඇති බව. අපට ඒ ගැන හොඳ විශ්වාසයක් තිබෙනවා.

පැරණි පාරම්පරික ගම්වලට සීමා වෙමින් තිබූ මෙවැනි අපූරු කලාවන්, නිර්මාණ කරුවන් හා ඒ වටා ගොඩනැගුණු සංස්කෘතික උරුමය අනාගතය වෙනුවෙන් ආරක්ෂා කරන්න ජාතික ශිල්ප සභාවේ නිලධාරීන් මහත් පරිශ්‍රමයකින් කටයුතු කරනවා. අද අපි මේ ආකාරයෙන් පවත්වන්නේ ඒ නිර්මාණකරුවන්ගේත් ජාතික ශිල්ප සභාවේ නිලධාරී මහත්ම මහත්මීන්ගේත් මහන්සියේ ප්‍රතිඵලය

පාරම්පරික ශිල්පීය ක්‍රම ජාත්‍යන්තරය දක්වා ගෙන යාම රජයේ අපේක්ෂාව වනවා. ඒ සඳහා වැඩසටහන් රැසක් අපේ ජාතික ශිල්ප සභාව හා කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශය හඳුන්වාදී තිබෙනවා.

අද සම්මානයට පාත්‍රවන කලා ශිල්පීන්ට මෙන් ම මේ කාර්යයට උර දෙමින් පාරම්පරික ශිල්පීය උරුමයන් ආරක්ෂා කරන සියලු දෙනාට විෂය භාර කැබිනට් අමාත්‍යවරයා වශයෙන් මම මාගේ ප්‍රනාමය පුදකරනවා.

IMG_7504 IMG_7506 IMG_7507 IMG_7508 IMG_7509 IMG_7510

Leave a Reply

Your email address will not be published. Required fields are marked *