දස වැනි වරටත් පැවැත්වෙන පාවහන් සහ සම් භාණ්ඩ ප්‍රදර්ශනය විවෘත කිරීම අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් 02දා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී සිදු කෙරෙණි.
පෙබරවාරි 02 සිට 04 දක්වා පැවැත්වෙන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, කාර්මික සංවර්ධන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය විසින් මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ පාවහන් නිෂ්පාදකයින් විසින් අලෙවි කුටි රැසක් ස්ථාපිත කර තිබේ. එමෙන්ම ඉන්දියාව සහ පකිස්තානය යන රටවලින් පාවහන් සහ සම් ආශ්රිත නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රදර්ශන කුටි එක් කර තිබිණි.
මෙම අවස්ථාවට අමාත්‍ය සුජීව සේමසිංහ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් රංජිත් අශෝක, එම අමාත්‍යාංශයේ අධ්‍යක්ෂිකා ඉන්දිකා රණතුංග යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.






