05COIRsinhalaකර්මාන්ත වල බලශක්ති ඵලදායීතාව සඳහා නව ව්‍යාපෘතියක් ශ්‍රි ලංකාවේ නිෂ්පාදන කර්මාන්තයන් හි බල ශක්ති පරිභෝජනය ඉහළ යෑම, නිෂ්පාදනවල පිරිවැය ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වි ඇත. දිනෙන් දින ඉහළ යන විදුලි බිල සහ බල ශක්ති අර්බුදය නිෂ්පාදන පිරිවැය ඉහළ යාම පාලනය කල නොහැකි ගැටඵවක් බවට පත්වි ඇත. මෙම තත්ත්වයන් සලකා බලමින් බල ශක්ති කාර්යක්ෂමතාවය ඉහළ නැංවීමට සහ අරපිරිමැසුම් භාවිතය සඳහා යොමු කර ගැනීමටත් ඒ තුලින් නිෂ්පාදන පිරිවැය අඩුකර ගැනීමට සහය වීම සඳහා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයෙහි ඵලදායිතා වර්ධන අංශයද අදහස් කර ඇත. එම අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා අමාත්‍යාංශය යටතේ පවතින දංකොටුව, මාකඳුර, හෝමාගම යන කර්මාන්තපුරවලින් තෝරාගනු ලබන කර්මාන්ත ශාලා 15 ක් සඳහා මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරනු ලැබේ. මේ සඳහා තෝරා ගනුයේ ඉහළ බල ශක්ති පරිභෝජනයක් ඇති අරපිරිමැසුම් සඳහා ව්භවතාවයක් පවතින කර්මාන්ත ශාලා වන අතර ඔවුන්ගේ පුර්ණ කැපවීම මෙම වැඩ සටහන සාර්ථක කර ගැනීමට අවශ්‍ය වන්නකි. මේ සඳහා මුඵ වියදම රුපියල් මිලියන4.5 ක් වැය වේ. අඛණ්ඩව මාස 09 ක කාලයක් පුරා වැඩ සටහන ක්‍රියාත්මක කරනු ලැබේ. බලශක්ති කාර්යක්ෂමතාවයන් සදහා විසඳුම් ලබා දිය හැකි උපදේශක ආයතනය ලෙස මෙට්‍රපොලිටන් ඉංජිනේරු (පුද්) සමාග‍ම තෝරා ගෙන ඇත. වැඩ සටහන අධික්ෂණය 10 දෙනෙකු ගෙන් යුතු මෙහෙයුම් කමිටුවක් විසින් සිදු කරනු ඇත. මෙම වැඩ සටහන මගින් බල ශක්ති පරිභෝජනය 10% කින් පමණ අඩුකර ගැනීම අරමුණු කර ගෙන ඇත. එයට අමතරව නිෂ්පාදන ක්‍රියාවලියේදි ඇතිවන බල ශක්ති අර පිරිමැසුම් භාවිතය පිළිබඳ එම ආයතනයේ සේවකයන් දැනුවත් කිරීමද සිදුවේ. මෙම ව්‍යාපෘතියේ වක්‍ර ප්‍රතිලාභ රාශියක් ඇති අතර, ඒ අතුරින් පරිසරයට සිදුවන හානිය අවමවීම සහ ජාතික බලශක්ති පද්ධතියට ඇති පීඩනය අඩුකර ගැනීමට ද හැකියාව ලැබේ. මෙම ව්‍යාපෘතිය තුලින් ලැබෙන ප්‍රතිලාභ දිගු කාලයක් රඳා පවති. මෙම වැඩ සටහනේ අරමුණු ලඟා කර ගැනීම සදහා ඉදිරි කටයුතු ලෙස කර්මාන්ත හිමියන් දැනුවත් කිරීමේ වරුවක වැඩ මුඵවක් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. ඉන්පසු කර්මාන්ත ශාලා සඳහා කරගෙන යනු ලබන දළ / සාමාන්‍ය බලශක්ති ව්‍ගනනයක් ද අනතුරුව හදුනා ගනුලබන බල ශක්ති අරපිරිමැසීමේ විභවයන් ඇති ආයතන වෙත විස්තරාත්මක බල ශක්ති විගණනයක්ද සිදු කරනු ලැබේ. එම විගනන වාර්තා කර්මාන්ත. ශාලා වෙත ලබා දෙනු ලැබේ. ඒ තුලින් පිරිවැය රහිත, පිරිවැය අවම සහ පිරිවැය ඉහළ යන අදිරයන් යටතේ ලබා දෙන විසඳුම් කර්මාන්ත හිමියන් විසින් ක්‍රියාවට නැංවිය යුතු වේ. ඒ සදහා කර්මාන්ත ශාලාවල ඉහළ කළමනාකාරිත්වයේ පූර්ණ කැපවීම අවශ්‍ය වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *