සුරක්ෂිත හෙටක් – මෛතී පාලනයක් තේමාව යටතේ මතින් නිදහස් රටක් උදෙසා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ප්‍රකාශයට පත් කෙරේ.

ජනවාරි 21දා සිට 28 වනදා දක්වා පැවැත්වෙන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය යටතේ ක්‍රියාත්මක ප්‍රධාන වැඩසටහන වන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියේ සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 21 පෙරවරුවේ මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ පැවැත්විණි.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහිදී සාම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.

මෙම ජාතික වැඩසටහන සංකේතවත් කරමින් විද්‍යාල පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීම ද සිදු කෙරිණි.

මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබද ප්‍රතිඥාව ලබාදීමෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය.

යාපනය, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම් දිස්ත්‍රික්කවල හමුදාව යටතේ තිබූ රජයේ සහ පෞද්ගලික ඉඩම් අක්කර 264 කට හා රජය යටතේ තිබූ ප්‍රධාන ගොවිපොළවල් 04 කට අයත් ඉඩම් අක්කර 1099ක් නිදහස් කිරීමට අදාළ ලියවිලි යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත භාරදුන් අතර ජනාධිපතිතුමා එම ලිපි ලේඛන අදාළ දිස්ත්‍රික් ලේකම්වරු වෙත භාර දුන්නේ ය.

අමාත්‍යවරු වන දයා ගමගේ, රිෂාඩ් බදියුදීන්, උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේතු මන්ත්‍රී දයාසිරි ජයසේකර, අංගජන් රාමනාදන්, කාදර් මස්තාන් යන මහත්වරුන් ඇතුළු ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ද, දිස්ත්‍රික් ලේකම්වරු, පළාත් ලේකම්වරු ඇතුළු රාජ්‍ය නිලධාරින් ද යුද සහ නාවික හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප සහ සටහන උපුටා ගැනීම අතිගරු ජනාධිපතිතුමාගේ ෆේස්බුක් පිටුවෙනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *