2011 කෘෂිකාර්මික, පශු සම්පත්, තාක්ෂණික හා යන්ත්‍රෝපකරණ ප්‍රදර්ශනය මන්නාරම ආයෝජන සංසදය සහ මූලය පහසුකම් සැපයීමේ සංසදය මඟින් එක්ව පැවැත්වන මේ ආකාරයේ ප්‍රථම දැවැන්ත ප්‍රදර්ශනය වන අතර එය පැවති දින 2 ක කාලය තුළදී සිදුකරණලද අෙලවිය පමනක් රු. මිලියන 10 කට වැඩිවිය. එය පැවති දින 2 ක කාලය තුළදී නරඹන්නන් 3000 අදික පිරිසක් ප්‍රදර්ශනය නැරඹූ අතර කොළඹ පුද්කලික අංශයෙන් ශක්තිමත් සහභාගීත්වයක් පැවතිබවද ආයොජන සංසදය සහ මූල්‍ය සේවා පහසුකම් සැපයීමේ සංසදය පෙන්වාදේ.
මෙම දැවැන්ත ප්‍රදර්ශනය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුඩීන් අමාත්‍යවරයා විසින් ශ්‍රී ලංකාවේ මුරුන්කන් හි මුරුන්කන් මහ විද්‍යාලයේදී ඔක්තෝබර් 12 වන දින ආරම්භ කරන ලදී. මෙම අවස්ථාවට සම සංවිධායකය දක්වනු ලබනුවේ ශ්‍රී ලංකාවෙහි වාණිජ හා කර්මාන්ත මණ්ඩල (FCCISL ) හි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධකයින් (SMED) සහ මන්නාරමෙහි දිස්ත්‍රික් වාණිජ හා කෘෂිකාර්මික මණ්ඩලය යි. මෙම ප්‍රදර්ශනයට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මන්නාරම උතුරු ප්‍රාදේශීය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ මන්නාරම සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය පිළිබඳ උතුරු ප්‍රාදේශීය දෙපාර්තමේන්තුව හා ඒකාබද්ධව සංවිධානය කර තිබෙන අතර යුරෝපා සංගමය මඟින් එයට සහාය ලබා දේ.