මන්නාරම ප්‍රධාන බස්නැවතුම්පොළ සංවර්ධනය කිරීම පිළිබඳව සොයා බැලීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමා 17දා බස්නැවතුම්පොළ පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

ඉන්පසු බස්නැවතුම්පොළේ සංවර්ධන වැඩ කටයුතු පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් ද පැවැත්විණි. මෙම අවස්ථාවට මන්නාම ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

මන්නාරම විලට්ටුව මුස්ලිම් මහා විද්‍යාලයේ ක්‍රීඩාංගණය සහ ප්‍රේක්ෂකාගාරය සඳහා මුල්ගල් තැබීම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය සහ සමස්ත ලංකා මහජන පක්ෂයේ නායක රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 17දා සිදු කෙරෙණි.

මෙම අවස්ථාවට උතුරු පළාත් සභා (හිටපු) මන්ත්‍රී රිෆ්ඛාන් බදියුදීන් මැතිතුමා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *