මන්නාරම දිස්ත්රික්කයේ සමස්ත ලංකා මහජන කොංග්රස් පාක්ෂිකයන් දැනුවත් කිරීමේ රැස්වීම් සහ දරුවන්ට පාසල් උපකරණ බෙදාදීම සමස්ත ලංකා මහජන කොංග්රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්රධානත්වයෙන් 01 වැනිදා සිදු කෙරිණ.
අකතිමුරප්පු, අලක්කට්ටු, වෙප්පනම්කුලම් ඇතළු ප්රදේශ කිහිපයක මෙම රැස්වීම් පැවති අතර, පාසල් දරුවන්ට උපකරණ බෙදාදීමද එයට සමගාමීව සිදු කෙරිණ.