මන්නාරම දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම හා ඒ සම්බන්දයෙන් වන ගැටළුවලට විසඳුම් ලබාදීම සඳහා වූ සාකච්ඡාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මන්නාම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී 28 වැනිදා පැවැත්විණි.
මේ අවස්ථාවට මන්නාරම දිස්ත්‍රික් ලේකම් එම්.වී.එස්. දේශප්‍රිය මහතා , ප්‍රාදේශීය ලේකම්වරුන්, සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.
