මන්නාරම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව, සම සභාපති සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මන්නාරම දිස්ත්‍රික් ලේකම් එම්.වයි දේශප්‍රිය මහතාගේ සහභාගීත්වයෙන් 03වැනිදා මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

මන්නාරම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපතිවරු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන කාදර් මස්තාන්, සෙල්වම් අඩෙක්කලනාදන්, චාර්ල්ස් නිර්මලනාදන්, සහ උතුරු පළාත් අමාත්‍ය පී. ඩනේෂ්වරන්, උතුරු පළාත් සභා මන්ත්‍රීවරු වන ආචාර්යය සත්‍යලිංගම්, රිෆ්කාන් බදියුදීන් යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් මේ සඳහා සහභාගී වූහ.

මෙහිදී දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන කටයුතුවල ප්‍රගතිය පිළිබඳව සහ නව සංවර්ධන ව්‍යාපෘති රැසක් දියත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරෙණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *