ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමට මන්නාරම, මුලතිව් දිස්ත්‍රික්වල මහජන නයෝජිතයන්, පක්ෂ ක්‍රියාකාරිකයන් රැසක් සිය කැමැත්ත පළ කළහ. ඒ කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා පැවති සාකච්ඡාවකදීය.

මෙම අවස්ථාවට උතුරු පළාත් සභා (හිටපු) මන්ත්‍රී වී. ජයතිලක, ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *