වව්නියාව ආන්ඩිය පුලියන්කුලම් හි ඉදිකරන ලද මැහුම් පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 17 වැනිදා පැවැත්විණි.

රැකියා විරහිත තරුණ තරුණියන්ට වෘත්තීය පුහුණුවක් ලබා දී ඇඟළුම් ක්‍ෂේත්‍රයේ රැකියා සඳහා යොමු කිරීම මේ වැඩපිළිවෙලේ අරමුණයි. මේ මගින් ප්‍රදේශයේ තරුණ තරුණියන් සියයකට අධික සංඛ්‍යාවකට සෙත සැලසේ.

මෙම අවස්ථාවට උතුරු පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක, මහතා ඇතුළු මුත්තු මොහොමඩ් මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

මෙයට සමගාමීව අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ සහභාගීත්වයෙන් වව්නියාව සාලම්බිකුලම් ප්‍රදේශයේ දී ද මැහුම් පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කළහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *