මන්නාරම, මරිච්චිකට්ට ගොවිජන සේවා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්, කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් 26දා සිදු කෙරිණ.
එම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අමීර් අලී, මන්නාරම දිස්ත්‍රික් ලේකම් මොහාන්දාස්, යන මහත්වරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.








