මහනුවර දිස්ත්‍රික්කයේ, දිගන නගරයේ සිදු වූ අවාසනාවන්ත සිදු වීමක් නිසා, එම ප්‍රදේශයේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව අතර පවතින සාමූහිකත්වය, සහජීවනය බිඳවැටී ඇති බවත්, මේ වන විට ප්‍රකෝපකාරී පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරීම නිසා, එම ප්‍රදේශයේ කඩ සාප්පු හා දේපළවලටත් හානි සිදු වී ඇති බව, එහි ජනතාව තමන්ව දැනුවත් කළ බවත්, එම නිසා මෙම ප්‍රචණ්ඩකාරී ක්‍රියා නවතා දමා සියලු ජනතාවගේ ජීවිත හා දේපළ සුරක්ෂිත කර, සියලු ජනතාව අතර සාමය, සමගිය හා සහජීවනය ගොඩ නැගීමට කඩිනමින් පියවර ගන්නා ලෙසත්, නීතිය සහ සාමය ආරක්ෂා කරන ලෙසත්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක හා කර්මාන්ත වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය හා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී.

අම්පාර හා මහනුවර දිස්ත්‍රික්කවල හට ගත් මෙම ගැටුම් මඟින් ඇති විය හැකි අවසනාවන්ත තත්ත්වය වැළැක්වීම සඳහා මැදිහත් වන ලෙසත්, එම ප්‍රදේශ වල නීතිය හා සාමය  ආරක්ෂා කිරීමට ආදළ අංශ  දැනුම්වත් කරන මෙන් ඉල්ලමින් 05වැනිදා සවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.

සියලු ජාතීන් අතර සාමය, සමගිය හා සහජීවනය ඇති කිරීම සඳහා ජනාධිපතිතුමා ගන්නා ක්‍රියාමාර්ග සඳහා සහයෝගය දැක්වීමට, සුදානමින් සිටින බවද එම ලිපියේ වැඩි දුරටත් සඳහන් කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *