නිපුණතා පිරි තාරුණ්‍යය සවිබල ගන්වමින් ස්ථාපිත කෙරුණු මහනුවර දිස්ත්‍රික් ”ස්මාර්ට් ශ්‍රී ලංකා” වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය, අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 15දා සිසු අයිතියට පත්කෙරිණ.

වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය සිසු අයිතියට පත් කර මාර්ගෝපදේශන මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ අතිගරු ජනාධිපතිතුමා එහි සිසු දරුවන් සමග සුහද කතාබහක නිරතවූහ.

ආණ්ඩුකාරවරුන් වන සරත් ඒකනායක, රජිත කීර්ති තෙන්නකෝන්, කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, රාජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර යන මහත්වරු, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *