මියන්මාරයෙන් රොහින්ගියා මුස්ලිම්වරු තමන්ගේ මැදිහත්වීම් ඇතිව මෙරටට රැගෙනවිත් පදිංචි කරමින් සිටින බවට ඇතැම් වබේ අඩවි හා සමාජ මාධ්‍ය ගෙන යන අසත්‍ය අසත්‍ය ප්‍රචාර පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

එම මුස්ලිම්වරුන් ලංකාවට රැගෙන එන බවට හෝ ඒ සම්බන්ධයෙන් හෝ කිසිදු ප්‍රකාශයක් කිසිදු ස්ථානයකදී නොකළ බවත්. සිංහල, දෙමළ, මුස්ලිම් සහජීවනයේ ජීවත්වන රට තුළ මෙවැනි ප්‍රකාශ කරන්නන්ට අවශ්‍ය වී ඇත්තේ ජාතිවාදී කුමන්ත්‍රණ කිරීමට බවත්, අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

තමන් මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලද්දේ එම අසත්‍ය ප්‍රචාර කරන්නන් රටට අනාවරණය කර ගැනීම අත්‍යවශ්‍ය නිසා යැයි ද අමාත්‍යවරයා කීවේය.

ඔවුන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වා ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටි බවත්.  ඇතැම් පාර්ශ්වයන්ගේ ක්‍රියා හේතුවෙන් රට තුළ අසමගියක් ඇති කිරීමට කිසිදු අවස්ථාවක ඉඩ නොතබන බවද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *