මෙරට පාරම්පරික දැනුම ආරක්ෂා කර ඒ සඳහා ජාත්‍යන්තර බුද්ධිමය දේපළ අයිතිය තහවුරු කරනවා….
අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ජී 15 සමුළුව අමතමින් කියයි.

පාරම්පරික දැනුම ආරක්ෂා කර ඒ සඳහා ජාත්‍යන්තර බුද්ධිමය දේපළ අයිතිය තහවුරු කරගැනීමේ කාර්යය සාර්ථක වෙමින් ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා පවසයි. ඒ මහතා මේ අදහස් පළ කළේ බුද්ධිමය හිමිකම් සංවිධානයෙන් පැවැත්වූ ජී15 කණ්ඩායමේ සමාරම්භක සමුළුවේ ප‍්‍රධාන දේශය පවත්වමිනි. ජී15 සමුළුව, කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ දී අද (24) ආරම්භවිණි.

අමාත්‍යවරයා මෙසේ ද කීය. පාරම්පරික දැනුම ආරක්ෂා කිරීමේ ජාතික ප‍්‍රතිපත්තිය සැකසීමට ජාත්‍යන්තර විද්වතුන්ගේ සහයෝගය ලබාගෙන තිබෙනවා. බුද්ධිමය දේපළ ලෝකයේ ප‍්‍රභල මාතෘකාවක්. අපේ රටේ ඉතා විශාල වගේ ම වටිනා පාරම්පරික දැනුමක් හා කලාවන් රැුසක් උරුමව තිබෙනවා. මේවා මිල කළ නොහැකියි. විශේෂයෙන් ම දේශීය වෛද්‍ය ක‍්‍රමය, දේශීය කෘෂිකර්මාන්තය, සාම්ප‍්‍රදායික කලාවන්, ගීත සාහිත්‍ය, කෙම් ක‍්‍රම වගේ දෑ අපේ රටේ පාරම්පරික දැනුම යි. නමුත් මේවාට නිශ්චිත හිමිකරුවෙක් නැහැ. උදාහරණක් ලෙස ගත්තොත් දේශීය වෙදකම රැුගෙන එන පරම්පරාවක් ඉන්නවා නමුත් මේ දැනුම කොතනින් ද ආවේ. කාගේ නිර්මාණයක් ද කියා කිසිවෙක් දන්නේ නැහැ. ඇතැම් දේවල් පුස්කොල පොත්වල ආරක්ෂිතව තිබෙනවා. නමුත් බොහෝ දේවල් එසේ ලිඛිතව නැහැ. මුඛ පරම්පරාවෙන් ආ දැනුමක් සහ ප‍්‍රායෝගිකව ආරක්ෂාකරගත් දැනුමකුයි තිබෙන්නේ. අපි මේ දැනුම හඳුනාගෙන. ඒවා දත්ත පද්ධතියක් බවට පත්කරලා එය අපේ රටේ ජනතාවගේ දැනුම ශී‍්‍ර ලංකාවේ දැනුම ලෙස ජාත්‍යන්තරයට ඉදිරිපත් කර බුද්ධිමය අයිතිය තහවුරු කරගැනීමට කටයුතු කළ යුතුයි. මෙය ඉතා බැ?රුම් කාර්යයක්. මෙහි අපේක්ෂාව වන්නේ මෙරට ජනතාවගේ දැනුමේ අයිතිය තහවුරු කරගැනීම යි. ඔබ දන්නවා කොතල හිඹුටු ආශ‍්‍රයෙන් යෙන් යම් ඖෂධ නිර්මාණය කරලා පේටන්ට් ගත්තු සමාගම් තිබෙනවා. ඔවුන් ලබාගත්තේ අපේ දැනුමයි. මේ ක‍්‍රමය වෙනස් කළ යුතුයි. යැයි ද කීය.

මේ සමුළුව 24 හා 25 දෙදින පුරා එම හෝටලයේ දී පැවැත්වේ. ඉන් අනතුරුව සාම්ප‍්‍රදායික දැනුම සම්බන්ධ ජාතික වැඩ මුළුවක් අපේ‍්‍රල් 27 හා 28 දෙදින කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්වේ. ජී-15 සාමජික රටවල් සහ ලෝක බුද්ධිමය දේපල සංවිධානය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය, බුද්ධිමය දේපල කාර්යාංශය හා එක්ව මේ සමුළුව හා වැඩමුළුව පවත්වයි.
7M8A6724 7M8A6727 7M8A6760

Leave a Reply

Your email address will not be published. Required fields are marked *