යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති තුංග් තුංග්-ලායි මාග් මැතිතුමා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා අතර හමුවක් 05දා කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්විනි.

ශ්‍රී ලංකාවේ අපනයන කර්මාන්ත සංවර්ධනය සහ වැඩි දියුණු කිරීමේ සැලැස්ම පිළිබඳව සාකච්ඡා කළ අතර එම සැලැස්ම තානාපතිතුමන්ට පිළිගැන්වීමද අමාත්‍යවරයා අතින් සිදු විය. එම සැලැස්ම ක්‍රියාත්ම කිරීම සඳහා ශ්‍රී ලංකාවට ආධාර ලබා දීම පිළිබඳව ද එහිදී සාකච්ඡා කෙරෙණි.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක මහතා, යුරෝපා සංගමයේ ඉහළ නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *