ශ්‍රී ලංකාවේ රබර් සම්බන්ධ කීර්තිමත් නාමය රැකගැනීමටත්, රබර් කර්මාන්තයේ පවතින ගැටඵ නිරාකරණය කිරීම සඳහාත් වන දිඟු කාලීන සැලැස්මක් අවශ්‍ය බැව් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
 අමාත්‍යවරයා මේ බැව් පැවසුවේ, මේ වසරේ ඔක්තෝබර් මස කොළඔදී පැවැත්වීමට නියමිත, ගෝලීය රබර් සමුඵව (Global Rubber Conference -GRC) පිළිබඳ තොරතුරු ක්ෂේත්‍රයේ නිරතවන්නන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කර තිබූ උත්සවයක ප්‍රධාන ආරාධිත දේශණය පවත්වමිණි. මෙම උත්සවය පසුගියදා කොළඔ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, මලයාසියාවේ ජාත්‍යන්තර උත්සව සංවිධාන ආයතනයක් වන කොන්ටෙක්ස් හබ් ආයතනය සමඟ එක්ව සංවිධානය කරන මෙම ජාත්‍යන්තර සමුඵව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන්නේ ප්‍රථම වතාවටයි.
GRC 03
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, බදියුදීන් මහතා, මෙම සමුඵව, රබර් කර්මාන්තයේ නිරත වූවන්ට පැහැර හැරිය නොහැකි අවස්ථාවක්. ගෝලීය රබර් සැපයුමෙන් 3% ක දායකත්වය ස්වාභාවික රබර් හරහා සැපිරෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාව තුළ සැලකිය යුතු පිරිසක් මෙම කර්මාන්තයේ නිරත වන බැවින් රබර් කර්මාන්තය අප රටටත් ඉතා වැදගත් ක්ෂේත්‍රයක්.  
 
එළැඹෙන දශකය තුළ මෙම කර්මාන්තය මගින් ඇ.ඩො.බිලියන 3 ක් ඉපැයිය හැකි කර්මාන්තයක් ලෙස සංවර්ධනය කිරිමට ගරු ජනාධිපති, මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත වත්මන් රජය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කොට තිබෙනවා. මෙම වෑයම මල්ථල ගැන්වීමට නම් අපගේ රබර් වගාකරුවන් හා ක්ෂේත්‍රයේ නිරත වූවන්ට අපි සහන සැලසිය යුතුයි. ලංකාවේ ඇති සමස්ථ රබර් වගාවන්ගෙන් 65% කම අයිතිය ඇත්තේ සුඵ රබර් වතු හිමියන්ටයි. ශ්‍රී ලංකාව ඓතිහාසිකව ලබාඇති ස්වාභාවික රබර් පිළිබඳව කීර්තියට අමතරව, මෙම ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීමට සමාජ ආර්ථික හේතූන්ද බලපා තිබෙනවා.
එබැවින් රබර් කර්මාන්තයේ ඇති ගැටඵ නිරාකරණය කිරීමත් සඳහා මෙම ක්ෂේත්‍රය වෙනුවෙන් වන දිඟු කාලීන සැලැස්මක් අවශ්‍ය බව මාගේ විශ්වාසයයි.
 
රබර් සඳහා නැවත වගාකිරිමේ ආධාර සැපයීමේ වැඩපිළිවෙලක් දියත් කිරීම අවශ්‍යයි. ජාත්‍යන්තර රබර් මිළ ඉහළ මට්ටමක පවතින අවස්ථාවලදී තාවකාලික සෙස් බද්දක් පැණවීම මගින් මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන උපයා ගත හැකියි. ශ්‍රී ලංකාව 2013 වසරේදී රබර් අපනයනය මගින් ඇ.ඩො.මිලියන 72 ක විදේශ විනිමයක් උපයා තිබෙනවා. ඊට අමතරව, රබර් නිමි භාණ්ඩ අපනයනයෙන් තවත් ඇ.ඩො.887 ක්ද උපයා තිබෙනවා. 2013 වසරේ අපේ රබර් කර්මාන්ත ක්ෂේත්‍රයෙන් ඉපැයූ ආදායම හා ඊට පස් වසරකට පෙර, එනම් 2009 දී උපයන ලද අපනයන අදායම හා සැසඳීමේදී එය 100% ක වර්ධනයක්.
 
මාගේ අමාත්‍යාංශය මගින් රබර් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා ඇ.ඩො. 46,000 ක් වැයකර ඉතා වැදගත් වැඩසටහන් 2 ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බව මෙහිලා සඳහන් කරනු කැමැත්තෙමි. මෙම වැඩසටහන් දෙකෙන් එකක් වන්නේ, රබර් කර්මාන්තය සඳහා මෙතෙක් නොතිබූ දත්ත ජාලයක් (Data Base) ස්ථාපිත කිරීමට කටයුතු කිරීමයි. අනෙක වන්නේ, ජාතික රබර් පර්යේෂණ සංගණනයක් දියත් කිරීමයි. මෙම සංගණනය මේ වන විට සබරගමුව හා බස්නාහිර පළාත් වල අවසන් කොට තිබෙනවා. එම සංගණනයට අනුව, මෙම පළාත් දෙක තුළ රබර් කර්මාන්ත 203 ක් ඇති බව අපගේ සංවර්ධන නිලධාරීන් වාර්තා කොට තිබෙනවා. බස්නාහිර පළාතේ කාර්යක්ෂමව රබර් කර්මාන්ත රැකියා වල නිරත වූවන්නේ සංඛ්‍යාව 10,000 කට අධිකයි. 815 දෙනෙක් මේ සඳහා අලුතින් එක්වී තිබෙනවා. ඒ වගේම ස්වාභාවික රබර් නිෂ්පාදන ක්ෂේත්‍රය හා රබර් භාණ්ඩ නිෂ්පාදන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පුහුණු පහසුකම් සැපයීය යුතු බැව් අප හඳුනාගෙන තිබෙනවා.
 
මෙවැනි වාතාවරණයක් තුළ ඉදිරියේදී කොළඹදී පැවැත්වීමට නියමිත ගෝලීය රබර් සමුඵව හරහා මෙම ප්‍රශ්ණයන්ට නිසි විසඳුම් සොයා ගැනීමටත්, රබර් කර්මාන්ත අංශයේ ප්‍රගමනය සඳහා ගතයුතු පියවරයන් සාකච්ඡා කිරීමටත් අවස්ථාව උදා වනු ඇති. ක්ෂේත්‍රයේ නිරත වන ශ්‍රී ලාංකික වගාකරුවන් හා කර්මාන්තකරුවන් මෙම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනු ඇතැයි මම විශ්වාස කරනවා. එමෙන්ම රජයක් ලෙස සෑමවිටම රබර් කර්මාන්තය සඳහා උපරිම සහයෝගය ලබාදීමට අප කැපවී සිටිනවා.  
 
මෙම සමුඵව ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පිළිබඳවත්, මෙමගින් අපගේ ඓතිහාසික රබර් කර්මාන්තය, ජාත්‍යන්තර සැපයුම් ජාලය සමඟ මනා සබඳතාවක් ඇති කර ගැනීමට අවස්ථාව ලබා දීම පිළිබඳවත්, මෙහි සම සංවිධායකවරුන්ට මාගේ ස්තූතිය පිරිණැමීමට කැමතියි.
GRC 02 
මෙහිදී අදහස් දැක්වූඅන්තර්ජාතික රබර් පර්යේෂණ සහ සංවර්ධන මණ්ඩලයේ ලේකම් ජෙනරාල්, ආචාර්ය අබ්දුල් අසීස් මහතා කියා සිටියේ, නව රබර් ප්‍රභේද 9 ක් සොයාගෙන ඇති බවත්, ඒවා ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට කැමැත්තෙන් පසුවන බවයි. ශ්‍රී ලංකාව හා රබර් නිෂ්පාදන ක්ෂේත්‍රය කොතරම් සම්බන්ධයක් තිබේද යත්, 1909 තරම් ඈත කාලයකදී ලෝකයේ මුල්ම රබර් පර්යේෂණායතනය පිහිටුවීමේ ගෞරවය ශ්‍රී ලංකාවට හිමිවන බව පැවසූ ආචාර්ය අසීස් මහතා, 2009 වසරේ පැවැත්වූ එහි ශත සංවත්සර උත්සවයට තමාද සහභාගී වූ බව කියා සිටියේය. ඔක්තෝබරයේ පැවැත්වීමට නියමිත ගෝලීය රබර් සමුඵව, ශ්‍රී ලංකවට හිමිවී ඇති දුර්ලභ අවස්ථාවක් බවත්, මෙමගින් ශ්‍රී ලාංකික රබර් නිෂ්පාදකයන්ට ජාත්‍යන්තර අවස්ථාවන් වැඩි වැඩියෙන් උදාකර ගැනීමටත්, ලොව නවීන තාක්ෂණය හා පර්යේෂණ දැණුම ලබාගැනීමටත්, පුඵල් වශයෙන් ජාලගත වීමටත් ලැබෙන මහඟු අවස්ථාවක් බවත් පෙන්වා දෙන ලදී. ජාත්‍යන්තර රබර් මිළ දැනට පහත වැටී තිබුණත්, ලඟදීම එය ඉහළ යනු ඇතැයිද හෙතෙම විශ්වාසය පළ කළේය.
ශ්‍රී ලංකාව රබර් අපනයනය කරන රටවල් අතුරින් ලොව හය වැනි විශාලතම රට බවත්, අට වැනි ස්වාභාවික රබර් නිෂ්පාදකයා බවත් ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති, බන්දුල එගොඩගේ මහතා පැවසීය. රබර් අමුද්‍රව්‍ය අපනයනය අධෛර්යමත් කිරීමට කටයුතු කළ යුතු අතරම, රබර් ආශ්‍රිත නිමිභාණ්ඩ අපනයනයට දිරිගැන්වීම් ලබාදීමට කටයුතු කරන බවද, අගය වැඩිකළ අපනයනය නිෂ්පාදන ප්‍රවර්ධනය කළ යුතු බවද එගොඩගේ මහතා සඳහන් කළේය. මෙම ගෝලීය රබර් සමුඵව සාර්ථක කර ගැනීම සඳහා රබර් ක්ෂේත්‍රයේ සියඵම දෙනාගේ සහයෝගය තමා අපේක්ෂා කරන බැව්ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
 GRC 04
ශ්‍රී ලංකාවේ මැලේසියානු තානාපති, අස්මි සයිනුදීන් මහතාද කතා කළ අතර, රබර් කර්මාන්තයට හා අපනයනයට සම්බන්ධ විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *