වව්නියාව, මුනාරිප්පු සහ තෙක්කවත්ත ග්‍රාම නිලධාරීවසම්වල සංවර්ධන සභා පිහිටුවීම කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 24දා වව්නියාව, ශ්‍රී බෝධි දක්ෂිණාරාම විහාරස්ථානයේදී සිදු කෙරෙණි.

උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක වව්නියාව, ශ්‍රී බෝධි දක්ෂිණාරාමාධිපති පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය, උතුරු පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක, රිෂාඩ් බදියුදීන් අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් රිෆ්ඛාන් බදියුදීන් යන මහත්වරු, ප්‍රාදේශීය මහජන නියෝජිතයන් සහ මහජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *