යුද්දයෙන් විනාශ වූ වව්නියාව හා වැලිඔය විහාරස්ථාන 20 ක වෙහෙර විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 100 ක මුදලක් ලබා දීම පසුගිය 25දා  කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේ දී සිදු කෙරෙණි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සහ පරිත්‍යාගශීලී ධානපතින්ගේ ආධාරවලින් මෙම පරිත්‍යාග සිදු කෙරෙණි.

වව්නියාව හා වැලිඔය විහාරස්ථානවලට මුදල් පරිත්‍යාග කිරීම සහ ජල පිරිපහදු යන්ත්‍ර පිරිනැමීම අමාත්‍යවරයා විසින් සිදු කෙරෙණි. එහිදී විහාරස්ථානවලට පිරිකර පූජා කිරීමටද අමාත්‍යවරයා කටයුතු කළේය.

එහිදී වව්නියාව හා වැලිඔය ප්‍රදේශයන්හි විහාරාධිපතින් වහන්සේලා විසින් සිය විහාරස්ථානයනහි අඩුපාඩු පෙන්වා දුන් අවස්ථාවේදී අමාත්‍ය වරයා විසින් ඉදිරි මාස හය තුළ එම අඩුපාඩු සම්පූර්ණ කිරීමට අවශ්‍ය සහය ලබා දෙන බවද ඇමතිවරයා කීවේය.

අදහස් දැක්වූ අමාත්‍ය රිසාඩ් බදියුදීන් මහතා මෙසේ කීවේය. පෞද්ගලික වාසි වෙනුවෙන් ඇතැම් දේශපාලකයන් හා වෙනත් පාර්ශ්වයන් විවධ චෝදනා එල්ල කළත්, අවුරුදු 30 ක යුද්දයට මැදි වූ මෙම ප්‍රදේශයන්හි සිටින ජනතාව ආගමික නායකයින්ගේ ගැටලු වෙනුවෙන් ඔනෑම අවස්ථාවක මැදිහත් වීමට තමන් කටයුතු කරන බවටත් එහිදි කුමන චෝදනාවක් එල්ල වුවද සාමයේ අගය සංහිදියාවේ අගය තමන්ට වටිනා හෙයින් ඉදිරියේදීද සියලු ජාතීන් වෙනුවෙන් ගැටලු විසඳීමට මැදහත් වන බවට අමාත්‍ය වරයා කීවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *