වව්නියාව සාලම්බුකුලම් ප්‍රදේශයේ කසළ ප්‍රශ්නය විසඳීම සඳහා වූ සාකච්ඡාවක් කර්මාන්ත හා වාණිජ කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය දා පැවැත්විණ.

එම ප්‍රදේශයේ ජනතවට උද්ගතව තිබෙන ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කසළ බැහැර කිරීමට විධිමත් ක්‍රමවේදයක් සකසන තෙක් සාලම්බුකුලම් ප්‍රදේශයට කසළ බැහැර කිරීම තාවකාලිකව නවත්වන ලෙස ද උපදෙස් දී තිබේ. මෙම සාකච්ඡාව සඳහා වව්නියාව අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *