වව්නියාව දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම කර්මාන්ත හා වාණිජ කටයුතු දිගු කාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ප්‍රධානත්වයෙන් වව්නියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී 01දා පැවැත්විණ.
දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය විමසීම සහ නව සංවර්ධන යෝජනා, සහ ජනතා ගැටළු පිළිබඳව එහිදී සාකච්ඡා කෙරෙණි.
එම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ති ශ්‍රී ස්කන්දරාසා මහතා ඇතුළු මහජන නියෝජිතයන් රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.