සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ මාකඳුර කර්මාන්තපුරයේ ඉදි කළ ව්‍යාපාර පර්යේෂණ සහ සංවර්ධන පෙරවැඩුම් තාක්ෂණ හුවමාරු මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවය ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 13 වෙනිදා මාකඳුර කර්මාන්ත පුරයේ දී පැවැත්විණි.
මේ අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය ඒ.ඩී, චම්පිකා ප්‍රේමදාස යන මැතිතුමන්ලා ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී වූහ.