වී අලෙවි මණ්ඩලය සතු සියලු වී තොග මිලට ගෙන වහාම සහල් කර වෙළෙඳ පොළට නිකුත් කරන ලෙස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමූපාකාර තොග වෙළඳ සංස්ථාවට උපදෙස් ලබා දී තිබේ.

ඊයේ (25) දිනයේදී පාර්ලිමේන්තුවේදී ජීවන වියදම් කමිටුවට රැස් වු අවස්ථාවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

වෙළඳපළේ දේශීය සහල් හිඟයක් ඇතිවීම වැලැක්වීම පිණිස මෙලෙස දේශීය සහල් තොග වෙළඳපළට නිකුත් කරන බව රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

මේ අනුව වී අළෙවි මණ්ඩලය සතු වී මෙට්‍රික් ටොන් 55,000 ක් ඉතා ඉක්මනින්ම සහල් කර වෙළඳපළට නිකුත් කරන අතර මෙයට අමතරව තවත් සහල් මෙට්‍රික් ටොන් 50,000 ක් මියන්මාරයෙන් හා පකිස්තානයෙන් ආනයනය කිරීමටද පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *