ශ්‍රී ලාංකීය සුපිරි වෙළෙඳසැළ් සංස්කෘතියට නැවුම් අත්දැකීමක් එක් කරමින් ලංකා සතොස 400 වැනි ශාකාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමා ඇතුළු සම්භාවනීය ආරාධිතයන් රැසකගේ සහභාගීත්වයෙන් වැලිසර නගරයේ දී 05 වැනිදා පෙ.ව. 10 ට යෙදුන සුබ මොහොතින් විවෘත කෙරිණි.

එම ලංකා සතොස මෙගා ශාකාවෙන් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට ජාත්‍යන්තර තලයේ නැවුම් අත්දැකීමක් ලබා දෙනු ඇත.

එය ලංකා සතොස සුපිරි වෙළෙඳසැල් ජාලයේ පළමු මෙගා ශාකාවයි. සුපිරි වෙළෙඳසැල් ජාලයේ වැඩිම ශාකා ගණනකට හිමිකම් කියන්නේ ලංකා සතොසයි.

මෙම අවස්ථාවට, සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංයේ ලේකම් නීල් රංජිත් අශෝක, ලංකා සතොස සභාපති (වැඩබලන) රිස්වාන් හමීම්, ලංකා සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වෙළෙඳ) ගාමිණී පෙරේරා, ලංකා සතොස නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත්) පියල් අබේසිංහ, ජ්‍යෙෂ්ඨ වෙළෙඳ කළමණාකරු ගයාන් කීර්තිසිංහ යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *