හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය පිළිබඳව පාසල් සිසුන්ට අවබෝධයක් ලබා දීමේ අරමුණින් සංවිධානය කෙරුණු ”ශිල්ප නවෝදා” ජාතික වැඩසටහන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් 06දා බත්තරමුල්ල, අපේගම පරිශ්‍රයේදී පැවැත්විණි.

පාසල් අධ්‍යාපනය අවසන් කරන සිසුසිසුවියන්ට දිවයින පුරා පිහිටි පුහුණු මධ්‍යස්ථාන 112 ක දී හස්ත කර්මාන්තය පිළිබඳ දැනුම ලබා ගැනීමට හැකියාව ඇති බවත්, මේ විෂය කරුණු පාසල් විෂය නිර්දේශයට අන්තර්ගත කිරීමට අදාළව ජාතික අධ්‍යාපන ආයතනය හා සාකච්ඡා කර තිබෙන බවත්, මෙහිදී හෙළි කෙරෙනි. මේ වැඩසටහන යටතේ සෑම දිස්ත්‍රික්කයකින්ම පාසල් 10 බැගින් තෝරාගෙන සිසු සිසුවියන් 40,000 කට හස්ත කර්මාන්ත කේෂ්ත්‍රය පිළිබඳ දැනුම්වත් කිරීමේ වැඩසටහන් පවත්වා තිබේ.


මෙම අවස්ථාවට, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මොහොමඩ්ෆායිස්, ජාතික ශිල්ප සභාවේ සභාපතිනී හේෂානි බෝගොල්ලාගම, ජාතික ශිල්ප සභාවේ සහකාර අධ්‍යක්ෂවරුන් වන නිරංජලා ගුණසිංහ, ඒ.එම්. රිස්මි, ඇතුළු මහත්ම මහත්මීන් හා විවිධ ප්‍රදේශ නියෝජනය කරමින් පාසල් සිසු සිසුවියන් දහසකට ආසන්න පිරිසක් සහභාගී වූහ.

7M8A0355 7M8A0317 7M8A0269 7M8A0266 7M8A0248

Leave a Reply

Your email address will not be published. Required fields are marked *