සාක් කලාපයේ අන්තර් රාජ්‍යයන් අතර පවත්නා වෙළඳ බාධක ජයගැනීම වෙනුවෙන් කලාපීය ආර්ථික සංකලනය සිදුකළ යුතුයැයි  කර්මාන්ත හා වාණිජ කටයුතු අමත්‍ය, රිෂාඩ් බදියුදින් මහතා නවදිල්ලි අගනුවරදී පැවසීය.

සාක් රටවල්හි කර්මාන්ත හා වාණිජ අමාත්‍යවරුන්ගෙන් සැදුම්ලත් “සාක් කලාපයේ වෙළඳ නායකත්ව පර්ෂදයේ” සමුළුවඅමතමින් බදියුදීන් මහතා මේ අදහස් පළකළේය. මෙම සමුළුව, ඉන්දියාවේ නවදිල්ලි අගනුවරපිහිටි, ඉන්දීය කර්මාන්ත හා වාණිජ මණ්ඩල ශ්‍රවණාගාරයේදී පසුගියදා (17) පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය බදියුදීන් මහතා, “සාක් කලාපය තුළ කලාපීය ආර්ථික සංකලනය වෙනුවෙන් ශ්‍රී ලංකාව පූර්ණකාලීනව කැපවී ක්‍රියා කරන අතර, ඊට සහයෝගයද පළකරනවා. 2006 වසරේ සිට 2012 වසර දක්වා වූ සය වසරක් තුළ ශ්‍රී ලංකාව ඇතුළු සෙසු කලාපීය රටවල් අතර සප්තා (SAFTA) යටතේ, ඇ.ඩො.බිලියන 2.34 ක වෙළඳ ගණුදෙනු සිදුවී තිබෙනවා. එමෙන්ම 2007-2012 කාලසීමාව තුළ එම ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව සිදුකළ අපනයනය ඊට පෙර අපනයනයන්ට සාපේක්ෂව 1132% කින් වර්ධනය වුණා. එම කාලය තුළ ශ්‍රී ලංකා අපනයනයන්හි මුළු අගය ඇ.ඩො.බිලියන 1.53 ක්. මේ සඳහා විශේෂයෙන් පාදක වුණේ ශ්‍රී ලංකාවේ ලිබරල් වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති බැව් සඳහන් කළ යුතුයි. ජාත්‍යන්තර වෙළඳ දර්ශකය තුළ ශ්‍රී  ලංකාව ඉහළට එසවීමට මෙම ප්‍රතිපත්ති බලපා තිබෙනවා. එමෙන්ම සමස්ථ ආයෝජන හා වෙළඳ කටයුතු සඳහා ඉතා හිතකර රාජ්‍ය ප්‍රතිපත්තීන්ද විශේෂයෙන් බලපෑවා. මේ වනවිට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වෙළඳ දර්ශකය තුළ 84 වන ස්ථානය හිමිව තිබෙනවා.

 17JAN2

දකුණු ආසියාව තුළ කේන්ද්‍රීය ලක්ෂ්‍යයක ශ්‍රී ලංකාව පිහිටීම හේතුවෙන් සාක් කලාපය තුළ ගුවන් හා නාවික කෂේත්‍රයේදී එය යොදාගැනීම ඉතා වැදගත් වේවි. එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශ ආයෝජන වෙනුවෙන් ආයෝජන මණ්ඩලය ප්‍රමුඛ රේඛීය ආයතන ලබාදෙන සේවා, යටිතල පහසුකම් හා මඟ පෙන්වීම් නිසා ආයෝජනයන්ට හිතකර පරිසරයක් අප රට තුළ පවතිනවා. ඒ හේතුවෙන් ව්‍යාපාර සිදුකිරීම පිළිබඳ දර්ශකයේ ඉහළ අගයකට පැමිණීමටද ශ්‍රී ලංකාව අද සමත්ව තිබෙනවා.

 

සප්තා ගිවිසුම යනු, ශ්‍රී ලංකාව ඇතුළු සමස්ථ සාක් රාජ්‍යයන් තුළ වෙළඳ සමායෝජනයට ඉවහල් වන ප්‍රධාන ක්‍රමවේදයකි. එක් එක් රටවල ධනාත්මක අංශ හඳුනා ගනිමින්, අපනයනයන්හි ද්වීකරණය (Duplication) අවම කිරීම හෝ මඟහරවා ගැනීම තුළින් මෙම කලාපය තුළ වඩා ප්‍රශස්ථ සමායෝජනයක් සිදුකළ හැකිවේ. සාක් කලාපය තුළ ද්වීපාර්ශ්වීය හා බහුපාර්ශ්වීය වෙළඳාම සම්බන්ධ ප්‍රතිපත්ති හා ගැටළු හඳුනාගැනීමත්, ඒ සඳහා පොදු එකඟතා ඇතිකර ගැනීමත් සාක් කලාපීය වෙළඳ නායකත්ව පර්ෂදය හරහා සිදුකෙරේ.

 17JAN3

විදේශ ආයෝජන සඳහා ශ්‍රී ලංකා රජය ලබාදී ඇති විවිධ සේවා, පහසුකම් හා සහන හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමේදී කලාපයේ සෙසු රටවලට ස්වර්ණමය අවස්ථාවන් උදාවී ඇතිබැව් පැවසූ අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, එම පහසුකම් යටතේ ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඉදිරිපත් වන ලෙස ඉල්ලීමක් කළේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *