සමූපකාර ක්‍ෂේත්‍රයට සම්බන්ධව සේවකයින්ගේ සහ සංවිධානවල දැනට පවතින ගැටලු ගැනත්, ඉදිරිපත් කළ අදහස් යෝජනා ගැනත්,අවධානය යොමු කර,ඉදිරි මාස 03 තුළ දී එකී ගැටලු විසඳා දීමට පියවර ගන්නා බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා අමාත්‍යාංශයේ පැවති සමූපකාර ක්‍ෂේත්‍රයේ ප්‍රධාන පෙළේ සංවිධාන සමඟ පැවති සාකච්ඡාවේදීය. මෙම සාකච්ඡාව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණි.

අමාත්‍යවරයා මෙසේ ද කීවේය. සමුපකාරය ගමේ ජනතාවගේ හිත මිතුරා  කරනවා. ඒ වගේම ඔබගේ නිෂ්පාදනවලට දෙස් විදෙස් වෙළඳපොල ලබා දෙන්නටත්, එමඟින් අපනයන අවස්ථා වැඩි දියුණු කිරීමටත් මම කටයුතු කරනවා. ඒ වගේම සමූපකාර ක්‍ෂේත්‍රය ගැන ඕනෑම තොරතුරක් ලබා ගත හැකි පරිදි තොරතුරු ජාලයක් හා පර්යේෂණ මධ්‍යස්ථානයක් මෙන්ම ලේඛනාගාරයක් ඇති කරන්නටත් පියවර ගන්නවා යැයි කීවේය.

සමූපකාර ව්‍යාපාරයට සම්බන්ධ සංවිධාන 14 ක් පමණ මෙම සාකච්ඡාවට සම්බන්ධ විය. ඔවුන්ගේ ඉල්ලීම පරිදි මෙම රජය යටතේ අමාත්‍යවරයාව සෘජු ලෙස මුණ ගැසෙන්නේ ප්‍රථමවතාවටය. මෙහිදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ ආරාධනය පරිදි සමූපකාර සංවිධානයන්හි නියෝජිතයින් තමන් මුහුණ පා සිටින ගැටලු එකිනෙක අමාත්‍යවරයා වෙත යොමු කරනු ලැබීය.

 

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් රිෆ්කාන් බදියුදීන්, සමුපකාර කොමසාරිස් එස්.එල්. නිසීර් යන මහත්වරු ඇතුළු සමුපකාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් සහ දිවයින පුරා සමුපකාර සමිති නියෝජිතයන් රැසක් ද සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *