ශ‍්‍රී ලංකාව හා පකිස්ථානය අතර නිදහස් වෙළඳ ගිවිසුමක් පැවතියද, ද්වීපාර්ශ්වීය වෙළඳ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 433 ක් පමණක් බවත්, එය ඇමරිකානු ඩොලර් බිලියනය දක්වා වර්ධනය කිරීමට අවධානය යොමුවී ඇති බවත්, ශ‍්‍රී ලංකාවේ පකිස්ථානු තානාපති, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කසීම් කුර්ෂි මහතා පැවසීය. ඒ මහතා මේ බැව් පැවසුවේ දෙරට අතර වෙළඳ සබඳතා තර කිරීමේ අරමුණින් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය. µමම හමුව පසුගියදා (07), කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැතිවිණි.

ශ‍්‍රී ලංකාව සමඟ වෙළඳ ගණුදෙනු කරනු ලබන දෙවන විශාලතම ආර්ථිකය හිමි රට පකිස්ථානයයි. ශ‍්‍රී ලංකාව හා පකිස්ථානය 2005 වසරේදී නිදහස් වෙළඳ ගිවිසුමකට එළැඹි අතර, එතැන් සිට ක‍්‍රමයෙන් වර්ධනය වූ දෙරටේ වෙළඳ කටයුතු වල අගය මේ වන විට ඇමරිකානු ඩොලර් මිලියන 433.69 කි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා µමහිදී අදහස් දක්වමින්, පසුගිය ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා එක් මසක් තුළ ශ‍්‍රී ලංකාවේ සමස්ථ අපනයනය ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවූ බවත්, µමවැනි ධනාත්මක වර්ධනයක් ශ‍්‍රී ලංකා ආර්ථිකය තුළ සටහන් වූයේ පළමු වරට බවත් පැවසීය. එµමන්ම µමවැනි පසුබිමක් තුළ පකිස්ථානය වැනි විශාල ආර්ථිකයක් හිමි වෙළඳ පොළක් වෙත අවධානය යොමුකිරීම, දැනට ලබා ඇති අපනයන වර්ධනය තවදුරටත් ඉහළ නැංවීමට බලපානු ඇතැයි විශ්වාසය පළ කළේය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතා, ” පසුගිය නොවැම්බර් මස පැවති, 11 වන පකිස්ථානු – ශ‍්‍රී ලංකා වෙළඳ සාකච්ඡා එක් දිනක් තුළ සාර්ථකව අවසන් වීම පිළිබඳ ශ‍්‍රී ලංකා රජයේ සතුට පළකිරීමට කැමතියි. පකිස්ථානු ශ‍්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම උපරිමව ක‍්‍රියාත්මක කරමින් දෙරටටම විපුල ථල ලබාගැනීම වෙනුවෙන් අප කැපවන බව ප‍්‍රකාශ කරනවා. දැනටමත් ශ‍්‍රී ලාංකික අපනයනකරුවන් µමම ගිවිසුම මගින් හිමිව ඇති වරප‍්‍රසාද භාවිතා කර වෙළඳාමේ යෙදුනත්, එය තව තවත් දියුණු කළ හැකියි. ශ‍්‍රී ලාංකීය නිෂ්පාදන 4800 ක් පමණ පකිස්ථානයට අපනයනය කිරීමේ හැකියාව තිබෙනවා. නමුත් ශ‍්‍රී ලාංකික අපනයනකරුවන් µමම අවස්ථාව උපරිම ලෙස යොදාගෙන නැහැ. ශ‍්‍රී ලංකාවේ දීර්ඝකාලීන මිතුරෙකු වශයෙන් සිටින පකිස්ථානය සමඟ තවදුරටත් වෙළඳ සබඳතා තර කර ගැනීම වෙනුවෙන් අවශ්‍ය සියළු කටයුතු සිදුකර දීමට මා කැමතියි.”

ශ‍්‍රී ලංකාවේ පකිස්ථානු තානාපති, විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කසීම් කුර්ෂි මහතා, “අප දෙරට අතර ක‍්‍රියාත්මක නිදහස් වෙළඳ ගිවිසුම ඒකාබද්ධ ආර්ථික කොමිසමක් හරහා නිරන්තරයෙන් සමාලෝචනය කරනවා. µමහිදී අපට පෙනී ගිය ප‍්‍රධාන කාරණයක් වන්නේ, පකිස්ථානය හා ශ‍්‍රී ලංකාව අතර දියුණු කළ හැකි වෙළඳ අවස්ථාවන් බොහොමයක්ම තිබෙන බවයි. ඒවා හඳුනාගනිමින් ද්වීපාර්ශ්වීය වෙළදාම ප‍්‍රවර්ධනයට කටයුතු කළ යුතුයි. ඒ වගේම වසර 14 ක් පුරා පකිස්ථානය හා ශ‍්‍රී ලංකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් පැවතියත්, මේ වන විට දෙරටේ වෙළඳ වටිනාකම වෙලා තිබෙන්නේ ඇ.ඩොලර් මිලියන 433 ක් පමණයි. µමය පහසුවෙන්ම ඇ.ඩොලර් බිලියනය දක්වා ඉහළ නැංවීමට ඉඩකඩ පවතිනවා. සාම්ප‍්‍රදායික භාණ්ඩ අපනයනයන්ට අමතරව අගය වැඩිකළ භාණ්ඩ, නව නිෂ්පාදන µමහිදී යොදාගත යුතුයි. එµමන්ම මේ වසරේ ජනවාරි මස සිට යුරෝපා සංගමයට භාණ්ඩ අපනයනය වෙනුවෙන් ජී.එස්.පී.බදු සහනය (GSP) පකිස්ථානය වෙත හිමිව තිබෙනවා. මේ අවස්ථාව ශ‍්‍රී ලාංකික අපනයනකරුවන්ටද වාසිදායක ලෙස යොදාගැනීමේ හැකියාවක් තිබෙනවා. µමවන් නව ප‍්‍රවනතා තුලින් ඒකාබද්ධ ප‍්‍රථිථල නෙලාගත යුතුයි. ”

µමරට නාවුක හා ගුවන් කේන්ද්‍රීය පිහිටීම හා සීග‍්‍රයෙන් දියුණු වන මහාමාර්ග හා යටිතල පහසුකම් හේතුවෙන් පකිස්තානු ආයෝජකයින් ශ‍්‍රී ලංකාව කෙරේ වැඩි නැඔුරුවක් ඇති බැව්, කසීම් කුර්ෂි මහතා පැවසීය. එබැවින් දෙරට අතර වෙළඳ ගණුදෙණු, අපනයනයන් පමණක් නොව ආයෝජනයන් කෙරේද සැලකිල්ලක් දැක්වීම කාලෝචිත බැව්ද, සීනි කර්මාන්තයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් පකිස්ථානු ආයෝජකයින් මේ වන විට අධ්‍යයනය කරමින් සිටිනා බැව්ද තානාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *