මන්නාරම තාරාපුරම් හි හජා අලවුඩීන් විසින් රචිත “ගුවන් විදුලි නාට්‍යය” සහ “ඔබ කොහෙද” දෙමළ බසින් රචිත ග්‍රන්ථ එළි දැක්වීමේ උත්සවය කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 27දා තැපැල් ශ්‍රවණාගාරයේදී පැවැත්වින.

ගුවන්විදුලි, රූපවාහිනී නාට්‍ය කලා ශිල්පීන් රැසකට සම්මාන පිරිනැමීමද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. එම අවස්ථාවට ආචාර්ය යූසුෆ් කේ. මරික්කාර්, කලාකරු කලීල්, මුල්ලෙයි මුස්රිබා, ආචාර්ය රාවුෆ් සයින් , අස්රාෆ් සිහබ්බින් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *