හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපොළ ආශ්‍රීතව පිහිටුවීමට යෝජිත ගෝලීය සංස්කෘතික ගම්මාන ව්‍යාපෘතිය පිළිබඳ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මහතා දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක් අද (23) කොළඹ සිනමන් ලේක් සයිඞ් හෝටලයේ දී පැවැත්විණි. චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය විසින් මේ සාකච්ඡාව සංවිධානය කර තිබිණි.
හම්බන්තොට වරාය සහ ගුවන්තොටුපොළ ආශ්‍රිතව අක්කර 2500ක වපසරියක පිහිටුවීමට නියමිත, යෝජිත ව්‍යාපෘතියේ ආයෝජනය කිරීමට චීනයේ ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් 30 දෙනෙකු ඉදිරිපත් ව සිටිති. මේ සඳහා තාක්ෂණික සහය ජර්මනිය සහ ෆින්ලන්තය විසින් සපයයි.
සංස්කෘතිය, විනෝදය, තොරතුරු තාක්ෂණ, කර්මාන්ත, ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් ආවරණය වන සේ සකසා ඇති මේ ව්‍යාපෘතිය පිළිබඳ කර්මාන්ත අමාත්‍යවරයා දැනුම්වත් කිරීමේ සාකච්ඡාවට හිටපු අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක, චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව සහයෝගීතා සංගමයේ සභාපති සුභාෂ් බණ්ඩාරනායක යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගීවූහ.
