හැට නව වැනි ජාතික නිදහස් දිනය සැමරීමේ උත්සවයක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 04 වැනිදා උදෑසන මුලතිව් නගරයේ දී අභිමානවත් අයුරින් පැවැත්විණි. 69 වැනි ජාතික නිදහස් දිනය සැමරීමේ ජාතික නිදහස් දින උළෙලට සමගාමීව පැවැති මේ උත්සවයට මේජර් ජනරාල් නිශාන්ත වන්නිආරච්චි මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීන්, මුලතිව් දිස්ත්‍රික් ලේකම් ආර්. කේතීස්වරන් මහත්මිය, පාසල් සිසුන්, ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ.
