ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනය නිමිත්තෙන් “ඩිජිටල් යුගයේ පාරිභෝගික අයිතිවාසිකම්” මැයෙන් සංවිධානය කෙරුණු විශේෂ සම්මන්ත්‍රණයේ සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 15 පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

සමාජ මාධ්‍ය ජාලා හරහා පාරිභෝගික ජනතාව පාරිභෝගික සේවා අධිකාරිය සමග සමීප කරවීමේ වැඩසටහන ද ජනාධිපතිතුමා අතින් දියත් කෙරිණි. පාරිභෝගික අධිකාරිය විසින් සංවිධානය කරන ලද කෙටි වාර්තාමය චිත්‍රපට තරගාවලියේ ජයග්‍රාහකයින් සිව් දෙනෙකුට තිළිණ ප්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්වීය. අමාත්‍යවරුන් වන හරීන් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, කර්මාන්ත හා වාණිජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චින්තක එස්. ලොකුහෙට්ටි, පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

17309391_172476686601116_3794562854357129389_n 17352482_172476866601098_6373796039753468220_n  17362061_172476846601100_2057764228966645349_n

Leave a Reply

Your email address will not be published. Required fields are marked *