පුත්තලම දිස්ත්‍රික් මූලික රෝහලේ කටයුතු සොයා බැලීම සඳහා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මැතිතුමා සහ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා 07 වැනිදා එම රෝහලට පැමිණියහ.

පුත්තලම රෝහලේ කාර්යය මණ්ඩලය තිබෙන පහසුකම් සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීම පිළිබඳව අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ අවධානයට ලක්විණි.

එහිදී අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පෙන්වා දුන්නේ රොහලේ පහසුකම් අවම මට්ටමක තිබෙන බවයි. මේ හේතුවෙන් රෝගීන් පමණක් නොව රෝහල් කාර්යය මණ්ඩලයද අපහසුවට පත්වන බව බදියුදීන් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රෝහලේ නේවාසික රෝගීන්ගේ සුවදුක් විමසූ අමාත්‍යවරු දෙපළ රෝහලේ අඩුපාඩු පිළිබඳව ද විමසූහ. තමන් පත්වන අපහසුතා පිළිබඳව රෝගීන් විසින් අමාත්‍යවරුන්ට දැනුම් දුන්හ.

සියලු පහසුකම්වලින් සමන්විතව පුත්තලම දිස්ත්‍රික් මහ රෝහල සංවර්ධනය කිරීම සඳහා කටයුතු කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කීවේය. මේ අවස්ථාවට වයඹ පළාත් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංශ ලේකම්, ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *