“නිල මෙහෙවර – ජනපති ජනතා සේවයේ තවත් වැඩසටහනක් 09 වැනිදා මන්නාරම දිස්ත්‍රික්කයේ නනාට්ටාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතා ගැටළු සඳහා විසඳුම් ලබා දීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංවිධානය කරන වැඩසටහන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඞ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 10 වැනිදා පැවැත්විණි.

ජාතික හැඳුනුම්පත්, වැඩිහිටි හැඳුනුම්පත්, ඉඩම් ගැටළු නිරාකරණය, රියදුරු බලපත්‍ර, ඇතුළු සේවා රැසක් ලබා ගැනීමට ජනතාවට අවස්ථාව ලැබිනි. විශේෂ අවශ්‍යතා ඇති අය සඳහා රෝද පුටු, ඇතුළු උපකරණ පරිත්‍යාගයද මෙහිදී සිදු කෙරෙණි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් ආඩික්කල නාදන්, කාදර් මස්තාන්, සිවශක්ති ආනන්දන්, මන්නාරම දිස්ත්‍රික් ලේකම් වයි.එස්. දේශප්‍රිය, නනාට්ටාන් ප්‍රාදේශීය ලේකම්, සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *