කලාපීය වෙළෙඳ ගිවිසුම පිළිබඳ වූ ජාතික සම්මන්ත්‍රණය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් 10 වෙනිදා කොළඹ ටාජ් සමුද්‍ර හෝටලයේ දී ආරම්භ කෙරෙණි.

ගෝලීය වෙළෙඳ සංසදය සහ ශ්‍රී ලංකාවේ වාණිජ දෙපාර්තමේන්තුව විසින් මෙය සංවිධානය කර තිබිණි. මෙම සම්මන්ත්‍රණය 10 වෙනිදා සිට 12 වෙනිදා දක්වා පැවැත්වේ. කලාපීය වෙළෙඳ ප්‍රවනතා, කලාපීය වෙළෙඳ ගිවිසුම දකුණු ආසියාවේ විනිවිදතාවයෙන් යුතුව ක්‍රියාත්මක කිරීමෙන් අත්කර ගත හැකි වාසි පිළිබඳව ද මෙහිදී දැනුවත් කෙරිණි. මෙහි සමාරම්භක අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මහතා ඇතුළු පිරිසක් සහභාගීවූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *