පසුගිය සතියේදී ඉන්දියාවෙන් ආනයනය කළ රුපියල් මිලියන 1360ක වටිනාකමක් ඇති නාඩු සහල් මෙට්‍රික් ටොන් විසි දහසක් මේ වන විට ලංකා සතොස සහ සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා වෙළෙඳපොළට නිකුත් කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ දී 06 වැනිදා පැවති රැස්වීමක දී අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.  අමාත්‍යවරයා මෙසේ ද කීවේය. එළඹෙන දෙසැම්බර් මාසය ආරම්භ වන විට තවත් නාඩු සහල් මෙට්‍රික් ටොන් පනස් දහසක්ද (50 000 ), සම්බා සහල් මෙට්‍රික් ටොන් තිස් දහසක්ද (30 000), සුදු කැකුළු මෙට්‍රික් ටොන් පනස් දහසක් ද (50 000) ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කරන බවත්, වෙළෙඳ පොළේ කිසිදු සහල් හිගයක් නොමැති බවද අමාත්‍යවරයා පැවසීය.

දේශීය සහල් මිල ඉහළ මට්ටමක පැවතියද උසස් තත්ත්වයේ ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක් රු. 65 කටද නාඩු සහල් කිලෝවක් රු. 74කටද, සම්බා සහල් කිලෝවක් රු. 78 කට ද ලංකා සතොස අලෙවි කරනු ලැබේ.

සහල් මිල ඉහළ මට්ටමක පවතින බවට මතයක් පැවතියද එසේ ඉහළ මිලක් පවතින්නේ දේශිය සහල් වල පමණක් බවත් උසස් තත්ත්වයේ ආනයනික සහල් ඉහත මිල ගණන්වලට ලංකා සතොස හා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව මගින්, මිලදී ගත හැකි බවද බදියුදීන් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *