කාන්තාවන්ට ස්වයං රැකියා ලබා දීමේ අරමුණින් වව්නියාව, මැණික්ෆාම්, පාවට්ටිකුලමේ, සාලම්බිකුලම්, සුඩුවෙන්දපුලව්, සින්නසිප්පිකුලම්, ආන්ඩුපුලියන්කුලම් යන ප්‍රදේශවල ඉදිකරන ලද ඇඟළුම් පුහුණු මධ්‍යස්ථාන 14ක් විවෘත කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා 12 වැනිදා සහභාගී වූහ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා පේෂකර්ම ඇඟලුම් ආතනය මේ ව්‍යාපෘතිය සඳහා දායකත්වය ලබා දී තිබේ. මේ එක් පුහුණු මධ්‍යස්ථානයක් සඳහා රුපියල් මිලියන 02 ක මුදලක් වැය කර තිබේ. මේ මධ්‍යස්ථානවලින් පළමු අදියර යටතේ කාන්තාවන් 300 දෙනකුට පුහුණුව ලබා දීමට අපේක්ෂා කෙරේ.

මේ වෙනුවෙන් පැවැති උත්සව අවස්ථා සඳහා උතුරු පළාත් සභා මන්ත්‍රී කේ. ජයතිලක, ඇගළුම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ මුත්තු මොහොමඩ්, අබ්දුල් බාරි යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *