2016 වර්ෂයේ දී බස්නාහිර පළාතේ ආහාර නිෂ්පාදන කර්මාන්තවල නිෂ්පාදන ක්‍රියාවලිය දියුණු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ අතර, එහි සාර්ථකත්වය මත මෙම වසරේදී එක් කර්මාන්තයකට රුපියල් ලක්ෂ 2 බැගින් සියලුම දිස්ත්‍රික්ක නියෝජනය කරමින් කර්මාන්ත 50ක් සඳහා රුපියල් කෝටියක මූල්‍යාධාර ලබා දෙන්නේ යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කෙළේ 05 වැනිදා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති සුළු හා මධ්‍ය පරිමාණ ආහාර නිෂ්පාදන කර්මාන්තකරුවන්ට හා සුළු පරිමාණ ඇසුරුම් කර්මාන්තකරුවන්ට මූල්‍ය ප්‍රධාන ලබාදීමේ උත්සවයට සහභාගී වෙමිනි.

සුළු පරිමාණ ආහාර නිෂ්පාදකයින් පනස් දෙනකුට රුපියල් ලක්ෂ 02 බැගින් රුපියල් කෝටියක මූල්‍යාධාර ලබාදීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙණි. මීට අමතරව සුළු පරිමාණ කර්මාන්තවල ඇසුරුම්කරණය සංවර්ධනය සඳහා එක් ව්‍යවසායකයෙකුට රුපියල් 50,000/- බැගින් ලබා දීම සිදුවිය. මේ යටතේ කුඩා සුළු පරිමාණ ඇසුරුම් ව්‍යවසායකින් 105 දෙනකු සඳහා රුපියල් මිලියන 5.25ක මූල්‍යාධාර පිරිනැමිණි.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක, මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *