සමස්ත ලංකා මහජන කොන්‍රග්‍රසයේ නායක, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය, රිෂාඩ් බදියුදීන් මහතාගේ නිල වෙබ් අඩවිය අද (18 දා) පස්වරුවේ, කොළඔ 07, ස්ටැන්මෝ චන්ද්‍රවංකයේ පිහිටි ඒ මහතාගේ නිල නිවසේදී උත්සවාකාරයෙන් එළිදැක්විණි. www.rishadbathiudeen.lk  නම් වන මෙම අඩවිය සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම එළිදක්වා තිබීම විශේෂත්වයකි.

 

පසුගිය වකවානුව පුරා පරීක්ෂණ මට්ටමෙන් ක්‍රියාත්මක වූ මෙහි දෙමළ පිටුව සදහා දේශීය වශයෙන් වැඩි ප්‍රතිචාරයක් ලැබී තිබිණි. එමෙන්ම එහි ඉංග්‍රීසි පිටුව සදහා ජාත්‍යන්තර මට්ටමෙන් වැඩි අවධානයක් ලැබී තිබීමද කැපී පෙණුනි. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සමාජ, ආර්ථික හා දේශපාලන ක්‍රියාදාමයන්ට අදාල කාලීන පුවත් හා වාර්තා මෙම අඩවිය ඔස්සේ ජනගත කිරීම සිදුකරනු ලැබේ.

 web launch 04

මෙයට සමගාමීව ඒ මහතා නායකත්වය දරන, සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ නිල වෙබ් අඩවිය දියත් කිරීමද අමත්‍යවරයා අතින් මෙම අවස්ථාවේදී සිදුකෙරිණි. www.acmc.lk  වෙබ් අඩවිය ඔස්සේ එම පක්ෂයේ දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධ තොරතුරු ප්‍රචාරය කෙරෙනු ඇත.

සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ මහලේකම්, වයි.එල්.එස්.හමීඩ් මහතාද මෙම අවස්ථාවට සහභාගී වූ අතර, අන්තර්ජාල, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

web launch 02 web launch 03 web launch 05 web launch 01

Leave a Reply

Your email address will not be published. Required fields are marked *